Dilushana's

Home » Thoughts

Category Archives: Thoughts

අධ්‍යාපනය හා වගකීම….

අධ්‍යාපනය….. සැමටම ඇති අයිතියකි…. අප ජීවත්වන පරිසරය විටින් විට එහි අගය අඩු වැඩි ලෙස අපට කියාදෙනු ලබයි. උගත් කමත් බුද්ධියත් සැම විටම එකට භාවිතා කලද මෙය හාත් පසින්ම වෙනස් පාරිභාෂිකයන් බව අප දැන ගත යුතුව ඇත. (more…)

Advertisements

නුවනින් විමසන්න

සීමා මාඉම් වලින් එහා , මිනිස්සු ඒ ගොල්ලන්ගේ හැගීම් එක්ක කරන සටන් සමහර වෙලාවට හරිම බිහිසුණුයි ඒ හැමටම සාදාරන හෝ වෙනත් category යක හේතුවක් තියෙන්න පුළුවන්, අපි හැමදාම කරන්නේ අපි අපේ කෝණ වලින් අනිත් අය දිහා බලන එක, එහෙම කරලා නිකන් ඉන්නේ නෑ තවත් අය එකට එකතුකර ගන්නවා, එහෙමත් කරලා ඒක සම්මතයක් කරගෙන (more…)

To be a better man

Robert Peter Williams “Robbie Williams” (born 1974) is an English singer-songwriter, vocal coach and occasional actor. He is a member of the pop group “Take That”. Williams rose to fame in the band’s first run in the early- to mid-1990s. After many disagreements with the management and certain group members, Williams left the group in 1995 to launch his solo career.

They had a single that was constantly on the radio. Then I was a school boy. It was called “Old Before I Die” On 1997. In recent times media was announced he had rejoined Take That and that the group intended to release a new album in end of last year. It causes to recall my memory about Robbie.

To be a better man, feel, Good Doctor, Burslem Normals, Love Supreme and more songs were his popular list.

However, As we know, haven’t anyone to safe us from harm, but always we had an expectation. Society changes rapidly, people become selfish more and more. Youngers taking their decisions with no considerations. Parents, teachers loose their accountability smoothly. Finally the end product will be a person which not fitted to the society, without confidence, hate to everyone, and weaken personalities, uneducated or lovesick persons after all…. Suicide!

We need a good public discussion to safe our school children, to stop suicide. It’s the time parents and teacher should take the responsibility. Because they are the owners of future society; they are the persons who change the world.

To change all these things we need more love.
See what Robbie Williams trying to tell; Lord I’m doing all I can to be a better man

Send someone to love me
I need to rest in arms
Keep me safe from harm
In pouring rain

Give me endless summer
Lord I fear the cold
Feel I’m getting old
Before my time

As my soul heals the shame
I will grow through this pain
Lord I’m doing all I can
To be a better man

Go easy on my conscience
‘Cause it’s not my fault
I know I’ve been taught
To take the blame

Rest assured my angels
Will catch my tears
Walk me out of here
I’m in pain

As my soul heals the shame
I will grow through this pain
Lord I’m doing all I can
To be a better man

Once you’ve found that lover
You’re homeward bound
Love is all around
Love is all around

I know some have fallen
On stony ground
But Love is all around

(more…)

හොඳ නරක සහ ඔබ…

වී වැපිරීමෙන් වීද, මුං වැපිරීමෙන් මුං ද ලැබෙන බව අප කවුරුත් දනිමු… එසේම නරක දේ එකතු වී නරක ප්‍රතිඵල දෙනවා, හොඳ දේ එකතුවී හොඳ ප්‍රතිඵල දෙනවා.

අන්ඳකාරය-ආලෝකය, ගැහනු-පිරිමි, උස්-පහත්, සහ දිග-කෙටි සේම හොඳ-නරක කියාද දෙකක් තිබෙනවා. නරක වචන, නරක සිතුවිලි හා නරක ක්‍රියාවන් මගින් සෑම විටම නරක ප්‍රතිඵල ඔබටත් ඒ සඳහා උදව් දෙන අයටත් ලැබෙනවා.

හොඳ වචන හොඳ සිතිවිලි හා හොඳ ක්‍රියා මගින් ඔබටත් අන් අයටත් හොඳක් සිදුවෙනවා. මෙය උපතින්ම සමහරුන්ට අවබෝධ වෙනවා. එවැන්නන් සමජයේදී හමුවන්නේ මඳ වශයෙන් උවත් දීප්තිමත් චරිතයකට හිමිකම් ලැබේ. එවන්නන් ස්වාභාවයෙන්ම වැඩිපුර හොඳ වචන, හොඳ සිතිවිලි හා හොඳ ක්‍රියා කරමින් හොඳ ජීවිත ගතකරනවා.

සෑම කෙනෙකුම පාහේ එක ආගමක දහමක හෝ විවිධ ආගම් හා දර්ශණ වල හෝ ඇසුර සහ ආභාශය ලැබෙනවා. සෑම ආගමක හා දර්ශනයක යම් දර්මයක් දර්මතාවයක් ඉගැන්වෙනවා

ඔබගේ ආගම එකක් උවත්, කිහිපයක් උවත් නිශ්චිත ආගමක් නොවුනත් ඔබට නිවරදියයි හැඟෙන, ඔබට අසන්නට ඉගෙනගන්නට ලැබෙන ධර්මයකට හෝ ධර්මතාවයකට අනුව හැසිරීමට තීරණය කරන්නට ඔබට පුලුවන්…

එය අතීතයේදී ඉගන්වීඇති ධර්මතාවයක් වන්නට පිලිවන්.  ධර්මතා කිහිපයක් වන්නට පිලිවන්.  ඔබ විසින් තනාගත් ධර්මතා කිහිපයක එක්තුවක් වන්නට පිලිවන්…

අවශ්‍ය වන්නේ නිකම්ම ජීවත් වනවා වෙනුවට හොඳ ධර්මතවයක් අනුව ජීවත් වීමට ඔබ තීරණය කිරීම්ය.

එහිදී වැදගත් වන්නේ තමාගේම ධර්මතවයක් උවත් ඒ සඳහා ආගමක් ධර්ශනයක් කොපමන පදනම් වී ඇත්ද යන්න‍යි. තමා හොඳින් එවැනි ධර්ශනයක් ඇසුරු කරමින් පිලිපදිමින් එහි ආභාශය ලබමින් තමගේ ධර්මතාවය ගොඩනගා ගන්නා බව ඒත්තු ගැන්වීමට වෙහෙසෙන අය මෙන්ම විවිධ සංකීර්ණ ක්‍රියා මගින් එය සධාරනීකරණය කරන චරිතද සමාජයේ හිඟ නැත.

කෙසේ උවත් සිදුවන්නේ නරකක් නම් ඔබට ලැබෙන ප්‍රතිඵලයද එසේම වනේය.

ඔබ සැමට යහපත් සෞභාග්‍ය සපිරි අනාගතයක්……..

පුද්ගලයා ඉතා සුවිශේෂීය, ඔහු විටෙක නින්දා අපහාස විඳිමින් හා තවත් වරෙක ආකල්ප සමග ගැටෙමින් තමන්ගේ එම සුවිශේෂිත්වය නොලසා ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් ඔහු හට ඉතා ඉහල ජීවන හා සාමාජීය තත්වයකට යාහැකි වන්නේය. අද දිනයද ඉතා සුවිශේෂීය, මා සිත අරක් ගත් සිතිවිලි වලින් පිරී ඇති සේය. මාස ගනනක් මහන්සියෙන් කැප කිරීම් කර පොෂණය කල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එහි අවසන සටහන් කරන්නේ ඒ සඳහා සහතික පත්‍ර ලබා ගැනීමෙනි. මෙහිදී ගුරුවරයාට ලැබෙන තෘප්තියද ඉතා සුවිශේෂීය, ඉතා අගනේය..

ඔබ සැමට යහපත් සෞහාග්‍ය සපිරි අනාගතයක් පතමි

19/09/2010