Dilushana's

Home » Thoughts » අධ්‍යාපනය හා වගකීම….

අධ්‍යාපනය හා වගකීම….

Archives

Categories

අධ්‍යාපනය….. සැමටම ඇති අයිතියකි…. අප ජීවත්වන පරිසරය විටින් විට එහි අගය අඩු වැඩි ලෙස අපට කියාදෙනු ලබයි. උගත් කමත් බුද්ධියත් සැම විටම එකට භාවිතා කලද මෙය හාත් පසින්ම වෙනස් පාරිභාෂිකයන් බව අප දැන ගත යුතුව ඇත.

සමජය හැමවිටම වෙනස් වන බවත් ඒ වෙනසට අනුගත වීමට, වෙනසට මුහුන දීමට අප සූදානම් විය යුතු බවත් සැම විටම අපට අසන්නට ලැබේ. 21 වන සියවසට උචිත පුරවැසියන් බිහිකිරීම වර්තමාන අධ්‍යාපනයේ කර්ය භාර්ය වී ඇති බව පිලිගැනේ. අද පාසලේ පංති  කාමරවල ඉගෙන ගන්නා සිසුන් ඉදිරි දශකයේ අපගේ ශ්‍රම හමුදාව වනු ඇත. එම ශ්‍රම හමුදාව කවර ලෙස සිතන පතන ක්‍රියාකරන අයදයන්න තීරනය වන්නේ වර්තමනයේ ඔවුන් ලබන අධ්‍යාපනය පදනම් කරගෙනය… මේ නිස වර්තමන ගුරුවරයා අතීත උරුමයන් ගැන උගන්වනු ලබන අතරම, අනගත අභියෝගවලට ඔරොත්තුදිය හැකි ශක්තිය හා කුසලතාද දරුවන් තුල වර්දනය කලයුතුවේ.

අනාගතය යනු ඉබේ මතුවන්නක් නොවන වගත් කල් ඇතිව ඒ සදහා සැලසුම් කලයුතු වගත් අප දැන සිටිය යුතුවේ. එපමනක්ද නොවේ හසුරවා ගතයුතු අවැසි ලෙස සකසා ගතයුතුද වේ…

කෙසේ අධ්‍යාපන තීරන ගනු ලැබුවද අවසානයේ එම තීරන ක්‍රියාත්මක කරනු ලබන්නේ ගුරුවරුන් විසිනි.. එමනිසා ගුරුවරුන් හැම කල්හිම අධ්‍යාපනය පිලිබඳ තොරතුරු දැන සිටීම, තම දැනුම යාවත්කලීන කර ගැනීම වැදගත්ය. අධ්‍යාපන ගැටලු, අධ්‍යාපන යෝජනා හා ක්‍රියාදාමයන් පිලිබඳව දැවන්ත සංවාද, සම්මන්ත්‍රණ වලට පංති කමර වල උගන්වන ගුරුවරයා සහභාගී විය යුතුය….

ගුරුවරයා තුල අධ්‍යාපන අවධි බවක් තිබීම පාසල්වල නවොත්පාදක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝ අත්හදා බැලීමට හා වර්තමාන හා අනාගත ලෝකයට සරිලන අධ්‍යාපන ක්‍රමවේදයක් ගුරුවරයා තුලම පරිනාමය වීමට හේතුවිය හැකිය.
අද අධ්‍යාපනය සිසු සිසුවියන් විශ්ව විද්‍යාල ඉලක්ක කරගෙනම හෝ ඉල්ලුමට සැපයුම යන සරල සිද්ධාන්තය පදනම් කරගෙන සකස්වන්නට යෙදෙන බව පෙනීයයි….. කෙසේනමුත් මෙය 2% ක ගේ පමණක්  සාර්ථකවීමෙන් හා ඉතිරිය දැනුම, ආකල්ප, කුසලතා, හා හැකියාවන් සහිත සක්‍රීය පුරවැසියන් වීමේ සටන එතනින් ඇරඹිය යුතු වෙයි. විෂය නිර්දේශය කටපාඩම් කරමින් සිට එම කඩුල්ල පැනගත නොහැකි උණු කල්හි සිසුන් තුල ඇතිවෙන්නේ ආත්ම පරාජයකි…. ආපසු හැරීබලන විට තම දැනුම තමාටවත් රටට වත් වැඩක් නැති යල් පැනගිය එකක් වග හැගීමෙන් ඔව්න්ට  ආත්ම අනුකම්පාවක් හා කලකිරීමක් ඇතිවෙයි. එතනින් මෙය නිම වෙන්නේ නැත චක්‍රීයව සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිරයයි. මෙම චක්‍රයේ ගුරුවරයා නම් පුරුකෙන් නැවතීම ඉතා යෝග්‍ය හා සුදුසුම ක්‍රමය ලෙස හඳුනා ගෙන ඒ සඳහා විදේශ ආධාර හා ණය මත පදනම් වූ වැඩසටහන්ද පවත්වන නමුත් ඉන් වැඩක් ගන්නේ කීදෙනෙක්ද…????

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Time Gos On

May 2012
M T W T F S S
« Apr   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 8 other followers

%d bloggers like this: