Dilushana's

Home » Memories » සදා උකුළු තල – මා සුවයහනට

සදා උකුළු තල – මා සුවයහනට

Archives

Categories

මා කුඩා කල සිටම ගීතයට ගුවන් විදුලියට ඇලුම් කරන්නෙකු විය, එහි තාක්ෂණයට එහි ඇති නිර්මාණශීලීත්වයට මම වශී විය, ඒක නිසා මගේ කුඩා යහනේ හැමතැනම වයර් කැබලි බැටරි කැබලි අඩුවක් නොවීය, සියල්ලන්ම නින්දට ගොස්ය. අන්ධකාරය රජකරන මොහොතකි, මම Ear phone එක කනේ ගසාගෙන සිටින මොහොතක නන්දා මාලිනියගේ ගීතයක් ගුවන් විදුලියේ වාදනය වෙයි…
මගේ දෑස් මට නොදනීම තෙත් විය, මට මගේ අම්මා සිහි විය, කව්රුත් නිදි නිසා මම දෙනෙතට රිසිසේ කොට්ටය තෙත් කිරීමට ඉඩ හැරීමී….
ගීතය අම්මාවරුනේ… ගීතය අවසන් වූ පසුත් මට අම්මා ගැන සිතිවිලි අමතක කරනු නොහැකි විය…
ඒ වනවිට මතකයේ හැටියට මගේ වයස අවරුදු අටකට නොවැඩි විය යුතුය….
කලකට පසුව එවැනි අවස්ථාවකට මුහුණ දීමට මට යලිත් සිදුවිය… එයට වගකිය යුතු සුමධුර හඬ අයතිය දීපිකා ප්‍රියදර්ශනීයටය…..
ගීතය… කඳුලුහෙලා නෑබිලියට සහල් ගරන අම්මා……
එයින් වසර විසිගණනක් ගිය තැන මට අහම්බෙන් හමු වූ තවත් ගීතයක් මට එම සිදුවීම් දෙක මතකයට නංවමින්  මෙම බ්ලොග් පොස්ට් එකටත් වගකියන්නේ ගීත මහා අමුතු ජාතියක්ය යන කියමන සපත කරවමිනි….
සදා උකුළු තල – මා සුවයහනට
තොලගින් මැතිරු නැලවිල්ලෙන්
හැරලා මා සුව සිහින විමානෙට – නිදිගන්වා මා ඔබ තුරුලේ…
ඇකය පුරා පැන දැඟලිලි පාලා – දෙතොල පුරා රස කිරිතවරාලා
මා සැනසෙන තුරු නැලවිලි ගීයෙන් – හෙලමි කඳුළු මගෙ දුකපවසනසේ….
දෑත තොටිල්ලේ මා පදවාලා – සිරුරට මුදු කිරි සුවද බෙදාලු
අම්මේ මතු ඔබ නිවන් දකිනතුරු – අඬමි ඔබෙන් රස කිරි ඉල්ලා …

මේ සුන්දර ගීතය නීලා වික්‍රමසිංහ ගෙන්….. අදහස ප්‍රියනන්ද විජේසුන්දරයන් ගෙන්
දසමසක් දහසකුත් දුක් කරදර ඉවසමින් මද චලනයන් ගෙන්ද ප්‍රමෝදයට පත්වෙමින් ඒ සියල්ල අමතක කරලීමට හුරු වී …
කල්ගතවී දරුවන් උස් මහත් වීත් කරදර නිමක් නැත..
අම්මේ මතු ඔබ නිවන් දකිනතුරු – අඬමි ඔබෙන් රස කිරි ඉල්ලා …

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Time Gos On

April 2012
M T W T F S S
« Mar   May »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 8 other followers

%d bloggers like this: